ඇහෙනව නම් හිත හඬන තරම්aehenawa nam hitha handana tharam

Ahenawanam Hitha Handana Tharam

Lyrics

(ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ)...//
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

(පතන පැතුම් සුළඟට මුසුවේ
මියුරු වදන් කඳුලේ ගොළුවේ)...//
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඬලේ

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

(අපගෙ අහිංසක ලොව බිඳිලා
ඔබද අනන්තෙක ඇත රැඳිලා)...//
ගිණි දළුවා මා ගත වෙළෙනු දැනේ 
ඔබ මල් යහනක හිඳිනු මැනේ

(ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ)...//

පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ
ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.