අහසින් තරුවක් කඩා හැලෙනවාahasin tharuwak kadaa haelenawaa

Ahasin Tharuwak

Lyrics

අහසින් තරුවක් කඩා හැලෙනවා
තරුව කතා නෑ අහසයි වැලනේනේ
නටුවෙන් නැහැඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ නටුවයි වැලපෙන්නේ

පෑ හීමක් නැ නොකෙරෙන දීගේ
සෙවනැල්ලත් ඇදලූ...
දවල් වැටුන වල මෙදා වැටුනෙ නැ
හිත හොද වැඩි කමලූ...

අහසින් තරුවක්....

මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස්කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මඟුල් දවසේ...

අහසින් තරුවක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.