අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්ahasee liyuwath polowe ketuwath

Ahase Liwwath Polawee Ketuwath

Lyrics

අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
ඕ..............
පුවත අපේ පෙම් ...//

ආ යන්නෙන් ආදර ගීතේ - මුලින් ලියූ සිහින පොතෙහි
සීගිරියේ ගී වැල් වාගේ - දෙදෙනාගේම මතක තියේවී
දේදුන්න සේ මැකී නොයේවා - ආවත් වියෝග අන්ධකාරේ..//

මුව පියුමේ උතුරන සීනේ - මම නිරතුරු රැදෙමි දයාවී
අපි ගැන පඬිවරුද කතාවී - මතු ඉතිහාසය ද කියාවී
රාමා සීතා කතන්දරේ මෙන් - යුගයෙන් යුගයට එය පැතිරේවී...

කඳුළු හෙළූ දෙකොපුල් යහනේ - විඩා නිවා ලැඟුම් ලබන්නයි
පියෙන් පියට ඇස්‌ වැල් පටලා - දිවි ඇතිතුරු ගමන් කරන්නයි
මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු - ආදරයේ තනි නවාතැනේ මේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.