Lyrics
අහසට සොඳුරුද සද කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරී ඔබ මට නම්
හිත මැද පෙම්බරකම් සගවා
යන එන මග ඉඟි බිඟි කරමින්
හොඳ නැහැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්
(සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා)..//
අහසට සොඳුරුද සද කෙතරම්....
හිත මැද පෙම්බරකම් සඟවා...
සොඳුරුද මා හට ඔබ කෙතරම්
අන් සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොදුරුයි ලොව හැමකල්
හිමි නැති වූ සද වෙයි ලතැවුල්
(තැල්ලක් කර බැද කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා
කන්දක් තරමට හිතුවේ ඇයි නුබ
බිලිදුන් නිදි නෑ මං යනවා)..//
අහසට සොඳුරුද සද කෙතරම්....
හිත මැද පෙම්බරකම් සඟවා....