Lyrics

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන 
හිනිමන් බදිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට 
රෑකල පතිත වෙමි..

ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා..

අහසයි ඔබ මට..//

‍අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි..

අහසයි ඔබ මට..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.