අහසවගේ මම ඉන්නයි හිතුවේahasawagee mama innayi hithuwee

Ahasa Wage Mama Innai Hituwe

Lyrics

අහසවගේ මම ඉන්නයි හිතුවේ
ඉර හඳ ගැන විශ්වාස තියා
පොලව වගේ මට ඉන්න සිදුවුනේ
ඉර හඳ ගැන දිවුරා නොකියා
කියන්න මම වෙන මොනවා කරන්නද
අපි හරි ආදරයෙන් හිටියා

කන්දට නැගි සඳ කඳු මල නොබලයි
තුරු හිස පිපි මල මුල ගැන නොසොයයි
මෙපමණ සෙවුවේ මම විතරයි
මෙපමණ සෙවුවේ මම විතරයි

සිඳු රළ පහරින් වෙරළට නොරිදෙයි
ඔරුවක හබලින් ගඟ දිය නොරිදෙයි
මෙපමණ රිදුනේ මට විතරයි
මෙපමණ රිදුනේ මට විතරයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.