අහස උසට නැග ගියාටahasa usata naega giyaata

Ahasa Usata Naga Giyaata

Music:
ගුණදාස කපුගේgunadhaasa kapugee
Lyrics:
සමන් ගුණහේරත්saman gunaheerath

Lyrics

(අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාළිගා හැදුවත්
අපි පොළොවේ සිටින්නේ)..//

(ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ)..//

අහස උසට..//

(සිමෙන්ති කඳුලින් දියකර
සත් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඩන්නේ)..//

අහස උසට..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.