අහස නුඹ ahasa numba

Ahasa Numba

Lyrics

අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනේ මහා වැසි වැටුනාමයි
පොලොව නුඹ මෙතරම් රළු යැයි
දැනුනේ නියගය ආවාමයි //

රෑට තරු ඉසිනා අහසට 
අඳුරු සිත් ලැබුනේ කොහොමද //
නේක මල් සදනා පොළොවට 
නපුරු සිත් කොයිදින් ලැබූනිද 

අහස නුඹ මෙතරම්.../

නීල ඉඳුවර පෑ අහසට 
කඳුළු වැසි දුන්නේ කවුරුද //
පලා පැහැ ඉසිලූ මිහි මත
නියං ඇතිරූයේ කවුරුද 

අහස නුඹ මෙතරම් ../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.