Lyrics
වසා ගං දොර
මගේ හිමියනි
නුඹට රිසි නම්
යන්න යන්නෙමි
ආලයක් නැතී
තාලයක් නැතී
විජිතයේ
කටු ඔටුණු හැර යමී
කාළයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි
බැන්ද රන් දම්
මගේ ගෙල වට
මුදා විසිකොට
අඬන අහසට
මගේ සිහිනයේ
ඔබ නිදන් කොට
කුරුටු ගී
දහසක් ලියන්නෙමී
අහස ගුගුරා.. අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු වුනා