අහස් යානයකahas yaanayaka

Ahas Yanayaka

Lyrics

අහස් යානයක පියා සළන විට - අරුමැසි සිතිවිලි සිතට නැගේ
ඔබත් මා ළඟ සිටිනව  නම් - කියා සිතෙන්නේ ආදරියේ

දිගු කලකින් මා  - හමු නොවුන නිසා
දැක ගනු රිසියෙන් - එන පුවත අසා
මා පිිළිගන්නට  - ගුවන් තොටුපොලට 
ඔබ ඇවිදින් සිටියා - අතරමග සිහිනෙන් මා දුටුවා

සිතු විළස නොවේ - දුටු සිහින දැවේ
දහසක් හමුවේ මා අසරණ වේ
මා පිළිගන්නට - ගැවන් තොටුපොළේ
ඔබ නැති බව දුටුවා - සැබැවින් ඔබ නැති බව දුටුවා

ඔබගෙන් සමුගෙන වෙන් වී ගිය දින
නෙතු අග කදුළැලි   දෙනෙත රැදේ
ඒ කදුළැලි හසරුලි වෙන්නයි
මේ හමු වන දින මා පැතුවේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.