Lyrics
මේ හිතේ එල්ලිලා පෙරදා ඇවිදින් මා ලයේ දැවටිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා ඉන්නේ කොහොමදෝ ඔයා
කදුළු වෑහෙනා නෙතු දිහා බලන්න මොහොතකට ළංවෙලා
හෙමිහිට පපුව මත කන තියා අහන්න ආදරේ තරම්...
දුක දරාගන්නට හිත හයිය නෑ
හිත හදාගන්නට කොහොමටත් බෑ
නාඳුනන සේ මග හැර යන්න බෑ
තවත් හිතකට හිමි වෙන්න බෑ....
මේ හිතේ එල්ලිලා...
මා වෙනුවෙන් මට මැවූ සෙනේ
හමුවීලා මග හැරී ඇයි ගියේ
ආයෙත් ඔබ මා වෙත එනකම්
තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ
මේ හිතේ එල්ලිලා...