අහංකාර නුබේ පෙමටahankaara nubee pemata

Ahankara Numbe Pemata

Music:
දිලංක ප්‍රනාන්දුdhilanka pranaandhu
Lyrics:
තරිඳු වීරසිංහtharindu wiirasinha

Lyrics

අහංකාර නුබේ පෙමට ඉලංදාරි මං පෙම් කල 
කාලය ඉවරයිද දැන්හි
හිතෙන්නේම තව නුඹ ගැන 
කරන්නම දෙයක් නැති තැන 
මේ හිත හදාගත්ත මං
මා හැරදා ගිය නුඹටයි පතන්නේ මං

පයට පෑගෙනා දූවිල්ලක් වාගේ 
මගෙ පෙම අමතක වේවා
කඳුලු වෑහෙනා හැම මොහොතක් ගානේ 
මුව හසරැලි මතු වේවා    

සුසුමට කඳුලට දුකකට හෙමිහිට 
හුරුවුනේ මං නුඹ ගෙන්ම තමා 
මහමෙර තරමට පෙම් කල වරදට 
මෙහෙම කරලා මට මදිනේ ඔයා 

ඉකි ගසා හැඬුවේ නැතිවට මෙමා 
නුඹ නිසා වින්දා දුක් වේදනා 
මේ සංසාරේ දවසක ආයේ 
නුඹේ පෙම බාර ගන්න බෑ ඒ නිසා 

නුඹ ලඟ නැතිවට ම‍ගේ තනි හිත යට 
ඉන්නේ නම් තව නුඹම තමා 
මා මළ දවසට දැවෙන සෑයට 
කඳුළු හෙළලා නුඹ නිවනු එපා 

ඉකි ගසා හැඬුවේ නැතිවට මෙමා....
අහංකාර නුබේ පෙමට...
පයට පෑගෙනා දූවිල්ලක් වාගේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.