අහන් ඉන්නවා නම්ahan innawaa nam

Ahan Innawanam

Music:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
Lyrics:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu

Lyrics

අහන් ඉන්නවා නම් කියන්නම් මම
ඔයාට කොච්චර ආදරේද කියලා
මේ පපුවේ ගැහෙනා හැම හුස්මක් ගානේ
මේ සිරුරේ දුවනා ලේ බිඳුවක් ගානේ
ඔයාටමයි ඔයාටමයි ඔයාටමයි ආදරේ
අහන් ඉන්නවා නම් කියන්නම් මම
ඔයාට කොච්චර ආදරේද කියලා.....

ඔබ ළඟ ඉන්නට ඔබ සනසන්නට හිතේ හැඟුම් බෝමයි
ඔය අත ගන්නට හිත මට දෙනවද ආදරේ අනන්තයි
මේ පපුවේ ගැහෙනා හැම හුස්මක් ගානේ
මේ සිරුරේ දුවනා ලේ බිඳුවක් ගානේ
ඔයාටමයි ඔයාටමයි ඔයාටමයි ආදරේ
අහන් ඉන්නවා නම් කියන්නම් මම
ඔයාට කොච්චර ආදරේද කියලා.....

සිතිවිලි සිර කර ඉන්නට බැහැ මට කියන්න හරි ආසයි
කියන්නේ කොහොමද දැනෙන්නේ නැතිවද ඔබ ළඟ සිත සසලයි
මේ පපුවේ ගැහෙනා හැම හුස්මක් ගානේ
මේ සිරුරේ දුවනා ලේ බිඳුවක් ගානේ
ඔයාටමයි ඔයාටමයි ඔයාටමයි ආදරේ.....

අහන් ඉන්නවා නම්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.