අහම්බෙන් වගේ නොදැකපුahamben wagee nodhaekapu

Ahamben Wage Nodakapu

Lyrics

(අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට 
මගෙ අග හිඟකම ගැන කම් නෑ කීවාට 
නුඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට 
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට...//) 

මතකයි මට අද වාගේ නුඹ ආවා ගියා 
අම්මා නුඹව සිපගෙන මගෙ පැල ඇතුලේ තියා 
කුප්පි එළියේ තියාන අගේ සතුට මට කියා 
දුක් නොදෙන්න දෙවියන් හට තෙල් පාන තියා 

අහම්බෙන් වගේ නොදැකපු රුව......
 
ගම් පලතුරු රස බලමින් බැද්දේ ගියාම 
උඹේ පංගුව අපි සතුටින් වෙන් කෙරුවාම 
බඩ හංගන් නුඹට හොරෙන් අපි හිටියාම 
දරා ගන්න බෑ නුඹ ලොකු කම් කීවාම

අහම්බෙන් වගේ නොදැකපු රුව......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.