ඇහැල මල් ‍පිපෙනාaehaela mal pipenaa

Ahala Mal Pipena

Lyrics

ඇහැල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්

වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා..//
ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී

ඇහැල මල් පිපෙනා .../

බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී..//
මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්

ඇහැල මල් පිපෙනා .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.