අග්නි දේවතාවීagni dheewathaawii

Agni Devathavee

Music:
තරිඳු දම්සරtharindu dhamsara
Lyrics:
ඩිලාන් නුවරගෙදරdilaan nuwaragedhara

Lyrics

ගින්නෙන් උපන් දේවි 
ළය මඩල අවුලාවී
විටෙක දැවෙනා හදේ ගිනි
ඈ නිවාවී..
නෙත් දැහැනේම පේවී
හීනෙකට ඈ වඩීවී
නිදි නැති රැයේ කෙහෙරැලින්
මා දවාවී....
අග්නි දේවතාවියේ
ගින්නෙන් උපන් දේවී..

මලක රොන් ගෙන යන්න
බමරු එහෙමයි දන්න
මලම ඉල්ලයි බමර පහසින්
කටු පිරුණු නටුවක් වී
මා රකින්න

සුළඟ සේ නුඹ එන්න
ඇවිත් මා සිපගන්න 
වෙලී සියොළඟ සුවඳ අරගෙන
හැඟුම් නැති මාරුතය වී
පෙති සලා හැරයන්න...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.