ඇගේය ඔබ දැන්aegeeya oba dhaen

Ageya Oba Dan

Lyrics

ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය..

ඔබ මට ජල ධාරාවක් වගේය
සීතල ජල ධාරාවක් වගේය
ඒ ජල ධාරාවම දැන් ඇගේය
එනමුත් ජලයේ සිසිලස මගේය
ජලයේ සිසිලස මගේය..

ඇගේය ඔබ දැන්..

ඔබ මට මිණි වීණාවක් වගේය
ඔබ නද මිණි වීණාවක් වගේය
ඒ මිණි වීණාවම දැන් ඇගේය
එනමුත් වීණා නාදය මගේය
වීණා නාදය මගේය..

ඇගේය ඔබ දැන්..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.