ආගන්තුක කිරිල්ලියක්aaganthuka kirilliyak

Aganthuka Kirilliyak

Music:
මාධව හේවාවසම්maadhhawa heewaawasam
Lyrics:
රනිල් ජීවන්තranil jiiwantha

Lyrics

ආගන්තුක කිරිල්ලියක් සිතුම් සඳැල්ලේ
උන්මත්තක වෙලා වගේ හැඟුම් ඉගිල්ලේ
මා සන්තක එකම හිතත් අරන් ඇසිල්ලේ
මල් පෙත්තක සුවය ගෙනේ නෙතු නැළවිලේලේ......

සුදු ගෙල සරසාලා රන් කෙන්දකින්
සිහිනිඟ සඟවාලා සුදු සේලකින්
මගේ කරගන්නට දිනයක හුඟක් ආදරයෙන්
අහංකාරි නුඹ එනතුරු මං බලා හිඳින්නම්......

සිතක් නිවන සඳවතක් ළඟ රැඳි කප් සුවක්
වලක් ගැහෙන කම්මුලක් ළඟ තියා හාදුවක්
අපේ කියා පුංචි කැදැල්ලක රැදෙන හීනෙකින්
අහංකාරි නුඹ එනතුරු මං බලා හිඳින්නම්......

ආගන්තුක කිරිල්ලියක්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.