Lyrics
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමී
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමී
සීතළ රළ ඔස්සේ පිහිනා ගිය වරල් සලා
ශෝභන රුවකි මසුන් දැලට ඇතුල් කලා
අගාධ සාගරයේ .....
මුළු ජීවිතේදි මාගේ නැත පරාදීන වූයේ //
කිසිදාක නොමැත මෙලොවේ ශෝක සුසුම් හෙලුවේ
අගාධ සාගරයේ ......
සඳවතට අඹර වාගේ ඔබ හිතට එබී මාගේ
ආලෝකේ වෙන්න මේ ගේ එළියද වෙන කාගේ
අගාධ සාගරයේ ........
මගෙ හද සයුරේ ගිලිලා පෙම් පිඩු අතරේ වැහීලා //
ඇති රන් මලුවේ ඔබාලා නොයනු දැලෙන් මිදීලා
ආගාධ සාගරයේ ........