ඈ නීල වරල පීරලාae niila warala piiralaa

Ae Neela Warala Peerala

Lyrics

ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා.....

සුරංගනාවි සුරංගනාවි 
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...//

වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා.....

සුරංගනාවි සුරංගනාවි 
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...//

ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝව සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ

සුරංගනාවි සුරංගනාවි 
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...//

හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ කුමරියෙ ඔ‍බ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ

ඈ නීල වරල පීරලා ඈ.....

සුරංගනාවි සුරංගනාවි 
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.