අඩි සීයේ පාර ගාවadi siiyee paara gaawa

Adi Seeye Para Gawa

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම 
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී
සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

වැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ
යනවිට වරලස විහිදාලා
හදවත අස්සේ සිතිවිලි ගැස්සේ
කොහොමද ඉන්නේ ඉවසාලා

බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
(රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී)//
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී.....

මල් මකරන්දේ බොල් පිණි නිල්ලේ
සුව හද පතුලට ගෙන්වාලා
මානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ
රුව මා නෙතඟට කැඳවාලා

බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
(රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී)//

අඩි සීයේ පාර ගාව දුටුවා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.