Lyrics
අදත් වැස්ස වහින සදේ
මතක සුවඳ දැනේ
මතකද දෙන්නා තෙමුණා
සීතල වැහි පොදේ //
කැන්ද කැලේ අප දෙන්නා අකුරට ගිය කාලේ
වැස්ස ඇවිත් වන යායම සීතල වූ සදේ
මුවාවෙන්න ගස් තිබුණත් තෙමුනා වැහි පොදේ
අදත් වැස්ස වසිනා සඳ මතක සුවඳ දැනේ
අදත් ඉතින් වහින දාට තෙමෙමින් වැසි පොදේ
මගේ හිතේ මකන සුවඳ අලුත් කරන පැයේ
වැහි හීතල දුරලාගෙන ගිනි දළුවක් එතේ
මේ වැහි දා අපි දෙතැනක එකම වැස්ස වැටේ
අදත් වැස්ස වහින ........