ආදරියේ නටන්නaadhariyee natanna

Adariye Natanna

Lyrics

ආදරියේ නටන්න මුකුළු සිනා පාන්න 
එපා ඉතින් අඬන්න මා අත ගෙන නටන්න 
මිහිරි කතා කියන්න රඟ දෙන හැටි බලන්න 
එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න    
එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න  
ආදරියේ නටන්න

(මං ආසා වෙන්නේ ඔබෙ සිනහවටයි 
සුදෝ ඉතින් ඒ වාගේ හිනා වෙන්නකෝ)..//
ශා.. සිරියාවයි මුහුනේ කිට්ටු වෙන්නකෝ 
මට කිට්ටු වෙන්නකෝ තවත් කිට්ටු වෙන්නකෝ
 
ආදරියේ නටන්න මුකුළු සිනා පාන්න 
එපා ඉතින් අඬන්න මා අත ගෙන නටන්න 
එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න  
ආදරියේ නටන්න

(සුමුදුයි මුදුයි අනේ මේ උපුල් කොපුල් 
ලජ්ජ්ජාවද මන්ද අනේ ඇස් අරින්නකෝ)..// 
හැඩ වෙන්නට සොඳුරි කිට්ටු වෙන්නකෝ 
මට කිට්ටු වෙන්නකෝ තවත් කිට්ටු වෙන්නකෝ

ආදරියේ නටන්න මුකුළු සිනා පාන්න 
එපා ඉතින් අඬන්න මා අත ගෙන නටන්න 
මිහිරි කතා කියන්න රඟ දෙන හැටි බලන්න 
එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න    
එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න  
ආදරියේ නටන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.