Lyrics
ආදරින් බැඳී එක ළඟින් රැඳී
තුරුල් වෙවී මල් දෙකක් වගේ
මල් විලේ පිපී මල් දෙකක් අපි
හදින් බැඳී ඉඳින්නම් මෙසේ...
(ආදරේ පාලා යාලුවෝ වීලා//)
මාපියන් සිනා සලා දූ කුමාරියන් කියා
රැඳෙන්නේ ගේ පුරාම අපෙන්ලු වාසනාව
ඇහෙන්නේ ඒ වගේ කතා...
ආදරින් බැඳී...
(ජීවිතේ දීලා ආදරේ වීලා//)
මේ ලෙසින් හදා වඩා
මාපියන් අගේ වෙලා
ළඟින්ම ආදරේට රැඳෙන්න
මේ වගේම හිඳින්න ජීවිතේ පුරා...
ආදරින් බැඳී...