ආදරේට කෝඩුකාරaadhareeta koodukaara

Adareta Kodukara

Lyrics

ආදරේට කෝඩුකාර පුංචි කිරිල්ලී
මතක නැද්ද අපි දිව්වා වෙල් ඉපනැල්ලේ
පාට පාට හීන පිරුණු නුඹේ ලෝකයෙන්
(ගිලිහෙන්නට දෙන්ට එපා එයයි ජීවිතේ...//)

දකින දකින විටදී මාදෙස ආදරෙන් බලා
කතා කරන දෙනෙත් වලින් ඔයා ඉඟි කළා
මහමෙරකට පැතුම් වෑහෙන බරට අඩි තියා
(හීන වලට පාර කියන තාරකා ඔයා...//)

ආදරේට කෝඩුකාර පුංචි කිරිල්ලී
මතක නැද්ද අපි දිව්වා වෙල් ඉපනැල්ලේ...

නිල් කටරොළු පිපී වැනෙයි නුඹ යන පාරේ
හිත් අහසට සුවඳ දෙන්න එය මදි වාගේ
හීන ටිකක් තුරුලු කරන් පිච්ච මල් වගේ
(මම ඉන්නම් මග බලාන එනකම් මැණිකේ...//)

ආදරේට කෝඩුකාර...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.