Lyrics
ආදරේ වේදනා ඔබෙ පෙමින් මං ලැබූ
තනිවුනා ලොවක මා හිතුමතේ වෙන්වුනු
පෑ සිනා බොඳ වුනා මතකයෙන් ඔබ පිදූ
නුඹව නම් මට එපා මං මියෙනා තුරු
(පෙම් කල හිතින් පතනවා හැම භවේ
ආයෙමත් මට එපා නුඹව නම් මේ භවේ)..//
හීනයක් ලඟ තියන් රෑ නින්ද වද දුන් තරම්
නොහඟුනා වගෙ ගියත් වෙන අතක් නුඹ හොයන්
බැරි වේවී හිනැහෙන්න නම් පෙර සේම මතකය මකන්
යලි එපා බොරු පෙමක් ආදරෙන් පැරදුනත්
පෙම් කල හිතින්..//
ආදරෙන් ලඟ හිඳන් මං නුඹට පෙම් කල තරම්
වැරදුනේ මට නොවේ හැර දමා නුඹ ගියත්
බැරි වේවී හිනැහෙන්න නම් පෙර සේම මතකය මකන්
යලි එපා බොරු පෙමක් ආදරෙන් පැරදුනත්
ආදරේ වේදනා....
පෙම් කල හිතින්..////