ආදරෙන් මටaadharen mata

Adaren Mata

Music:
තුෂාර විජේවර්ධනthushaara wijeewardhhana
Lyrics:
ඉෂාන් උදේශishaan udheesha

Lyrics

ආදරෙන් මට ළංවෙලා උන්නු ඒ මතකේ
සිහිවෙලා හඬනවා ගෙවෙන තුන් තිස් පැයේ
වෙන්වෙලා ඔබ මගෙන් ගියත් පණ මගේ
හදවතේ බැඳි සෙනේ තාම ඒ වගේ...

නිමක් නැති පෙම් හැඟුම් හදෙහි අවතැන් වෙලා
ලොවක් ඔබ නැති හීනෙකින්වත් පැතුවේ නෑ කිසිදා
බිඳක්වත් පෙම් නොකළ හිතකට මේ තරම් ළංවෙලා
මුළු හදින් පෙම් කළ නිසාදෝ උහුලන්න බැරි වේදනා...

දිනක් නොව හැම ඇසිල්ලකදිම ඔබව සිහිවෙලා
නෙතින් වැටෙනා කඳුළු අතරේ හඬමි ඉකිගසා
නිවනක් නෑ ඔබ නොදුටු දෙනෙතට හිතම ගිලන් වෙලා
ඔබට නොදැනුණ සෙනෙහේ තවමත් හදෙහි ගොළු වෙලා...

ආදරෙන් මට ළංවෙලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.