ආදරෙයි තවත්aadhareyi thawath

Adarei Thawath

Music:
රුවන් මීගස්වත්තruwan miigaswaththa
Lyrics:
සෙව්වන්දි ප්‍රනාන්දුsewwandhi pranaandhu

Lyrics

රිදවන්නදෝ මේ තරම් ළං වුණේ ඉතින්
සමුදෙන්න බෑනේ කඳුළු පිරිලා නෙතින්
හැරයන්නදෝ තුරුලේ රැඳුනේ ඉතින්
(දුක දරා ඉන්නම් මම ආදරෙයි තවත්.....//)

මතකයිද මන්දා ආ ගිය මඟත්
තුරුලේම උන්නා නම් ඒ ළඟින්
නෙතු කඳුළු පුරවා අද නුඹ ගියත්
ගැරහුම් නොදෙම් මේ ආදරේ නමින්
දුක දරා ඉන්නම් මම ආදරෙයි තවත්.....

උණු කඳුළු ගලනා මැදියම් රැයේ
රහසින්ම දැනුනා සෙනෙහේ ඔබේ
ඒ සුවඳ ආයේ හීනෙන් ඇවිත්
කඳුළින්ම මියැදේද රිදුමක් දිගේ
දුක දරා ඉන්නම් මම ආදරෙයි තවත්.....

රිදවන්නදෝ මේ තරම්......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.