Lyrics
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයට වත් ඔයා දැන් නාවත්
වෙන් වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාවයි තාමත්
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයට වත් ඔයා දැන් නාවත්...
ආදරෙන් හීන මට ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රැඳුණු ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද? වෙන් වෙලා
ඔබ දුන්නු දුක දැනීලා
දෑස හඬයි තනි වීලා......
ආදරෙයි මං ඔය හිතට.......
වේදනාවෙන් ම මියැදුණත් දිනෙක
මතකයෙන් යන්නෙ නෑ ඔයා
නෙතු තෙමා ගලන කඳුළු බිංදු වල
දුක දන්නෙ නැත්තෙ ඇයි ඔයා
ඔබ ළඟින් නැති හින්දා
දෑස හඬයි තනි වීලා......
ආදරෙයි මං ඔය හිතට.......