ආදරෙයි (අහිංසක නෙත් කොනින්)aadhareyi (ahinsaka neth konin)

Adarei (Ahinsaka Neth Konin)

Music:
දීලුම් තේජනdhiilum theejana
Lyrics:
හසිත හේමාල් ජයසිරිhasitha heemaal jayasiri

Lyrics

අහිංසක නෙත් කොනින් කියූ දේ රහසකින්
තවම සොඳුරුයි අපේ මතකයන් 
ඔබේ හුස්මන් පවා මේ හිතට දැනෙනවා
මමත් සදහට ඔබේ වෙලා 
(හීනයේ දැවටිලා එනවද සොයා 
ආදරෙයි ආදරෙයි මේ හිත පුරා...//)

සිනාවෙන් ලං වෙලා බොහෝ දේ ආදරෙන් 
කියා දුන් අතීතේ පවා 
උණුසුමට හාදු දුන් ආදරේ සුන්දරයි 
ඔබත් සදහටම මගෙ වෙලා      

(හීනයේ දැවටිලා එනවද සොයා 
ආදරෙයි ආදරෙයි මේ හිත පුරා...//)

නෑසේද මේ හැඬුම් අපෙ ආදරේ සුසුම් 
රිදුවේ හිත ඔයා මගෙ නිසා
කඳුලක්ද සීතලෙන් පෑරෙනා හිත මගේ  
ඉඳින්නම් සදා තනි වෙලා  

(හීනයේ දැවටිලා එනවද සොයා 
ආදරෙයි ආදරෙයි මේ හිත පුරා...////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.