Lyrics
වැසි වැටි තෙත් වු මේ මාර්ගයේ සැමදා
ඔබ වෙනුවෙන් මේ මා බලා සිටින්නෙමි
මේ භවයේ කවදා හෝ එනු මැනවි මා ළඟට
ජීවිතයේ දුකක් ලැබුණෝතින් කවදා හෝ
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා
ඔබ මගේ ජීවිතේ මේ සංසාරේ පුරා
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා
මා හැර ඔබ ගිය දින සිට මා අද මෙලෙසින් විද වන්නේ
ඔබ ගැන සිතමිනි ඔබ ගැනම සිතමින් ළඳේ
ඔබ ගැන සිතමිනි ඔබ ගැනම සිතමින් ළඳේ
දෛවයේ ලියවි තිබුණා මෙන් ඔබ මා පසු පස සැමදා ආවා
මේ සංසාරේ කවදාවත් අප වෙන්නොවේවි මා සිතුවා
එනමුත් ඔබ මා අතහැර වෙනතක් පතාන වෙන් වුනා
ඔහුගේ ආදරයෙන් අඩුවක් සිදු වුනොත් ඔබ හට නැවතත්
එනු මැනවි මා වෙත සොඳුරියේ මා බලා සිටින්නෙමි
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා
ඔබ මගේ ජීවිතේ මේ සංසාරේ පුරා
ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා