Lyrics
ඕනේ හැමදේම අරගන්නකං කීව බොරු තාම මතකයි හොඳේ
දැකපු පෙම් හීන එක දෙකකවත් හිටියේ මම නැද්ද මොහොතක් ළඟින්
ආදරේ වැරදුණා පාර මට වැරදුණා ආයේ මා රැවටුණා
රූපයට ඔබගේ රැවටුණා.......
මතක අතරේ හිරිහැර කළා කඳුළු ඇවිදින් ළඟ නැවතිලා
ඔබම දුර යද්දි මේ හිත පෙලා කොහොම පළිගම්ද ඒ ඔබ නිසා
ආදරේ වේදනා දුන්නේ ඔබමයි සදා ආයේ නම් මට එපා.......
පෙනුණේ හැමතැනම ඔබේ රුව තමා
නෙතු දිවා රෑ දෙකේ වෙහෙසලා
කඳුළු අතරින් මතකය මරා
කොහොම ඉවසම්ද මේ දුක මෙමා
ආදරේ වේදනා දුන්නේ ඔබමයි සදා ආයේ නම් මට එපා.......
ඕනේ හැමදේම.......