ආදරේ වැඩිද මන්දාaadharee waedidha mandhaa

Adare Wadida Manda

Music:
නොරෝෂන් ඩ්‍රීම්ස්norooshan driims
Lyrics:
රොස් අලගියවන්නros alagiyawanna

Lyrics

ආදරේ වැඩිද මන්දා හිත මගේ රිදෙන හින්දා
පණ මගේ නුඹම හින්දා නෙතු මගේ නුඹම සෙව්වා
නුඹට මං ගැන දැනෙන තරමට මටද නුඹ ගැන දැනෙනවා
නුඹට මං ගැන රිදෙන තරමට මටද නුඹ ගැන රිදෙනවා
මගේ හිත නුඹ දන්න තරමට නුඹෙ හිතත් මම දන්නවා...

දෙතැනට වෙලා රැයම නොනිදා කදුළු සැලුවත් ඉකිගසාලා
හිමි නොවුණු ඒ ආදරේ හදගැස්ම පාරවයි ඔයා
සිනාසෙන්නට බැරි වුණත් මම සිනාසෙන්නම් සතුට පෙන්වා
නුඹේ වෙන්නට බැරි වුණත් මට නුඹේ වෙන්නම් ලොවට හංගා...

ආදරේ ඇයි වුණේ මෙතරම් හිමි නොවෙනවා නම් දැන දැනත්
ඉවසන්නෙ මම කොහොමදෝ නුඹ නැතුව ජීවිතේ හොයං
සිනාසෙන්නට බැරි වුණත් මම සිනාසෙන්නම් සතුට පෙන්වා
නුඹේ වෙන්නට බැරි වුණත් මට නුඹේ වෙන්නම් ලොවට හංගා...

ආදරේ වැඩිද මන්දා. ../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.