ආදරේ සුන්දරයිaadharee sundharayi

Adare Sundarai

Lyrics

ආදරේ සුන්දරයි
ඔබෙ ආලෝකෙන් මා දිලෙයි
මගෙ හදවතේ ඔබෙ ආදරේ
නිවි නිවි දිලෙනා තරුවක් සේ බබලයි

මගෙ හදවත දිනු ඒ ඔබගේ සැබෑ ප්‍රේමයයි
ජීවිතයේ දුක් දුරලා ඔබ ආලෝකමත් කරයි
ආදරේ ආදරේ ආදරේ ආදරේ
ඔබමයි මා සැමදා පැතුවේ

ඔබ නැති මේ ලෝකය මට අඳුරුයි නිහඬයි
සඳ නැති අහසක් වාගේ ඔබ නැති නම් මට පාලුයි
ආදරේ ආදරේ ආදරේ ආදරේ
ඔබමයි මා සැමදා පැතුවේ

මල් පිපී, පෙති සැලී
සුළඟේ පාවී යාවිදෝ
හද බිඳී, කඳුලුදී
ඔබ ඉගිලී යාවිදෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.