ආදරේ ඔබෙන් දැනුනු තරම්aadharee oben dhaenunu tharam

Adare Oben Danunu Tharam

Lyrics

ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්...//..
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුනු ඔබගෙන් තරම්...//..

ඔබ මැවූ පද පෙලින් 
මා හදේ ගීතයක් ලීවා
නොමැකෙනා පද වලින්
ජිවිතේ තනුව මම ලීවා
උපදිනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගේ
පපුතුරුලේ උණුහුම වෙලා...//..

කටු මතින් යන ජීවිතේ
මල් වලින් අපි සරසමූ
ඔබේ හැඟුම් මගේ කියා
සම සිතින් අපි විඳගමූ
මං ඉන්නවා ඔබගේ
පපුතුරුලේ උණුහුම වෙලා...//..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.