Lyrics
ආදරේ මං කළ තරම් ඔයා දන්නවා නම්
ආදරේ දුන් ඇස් දෙකෙන් කඳුළු දෙන්නෑ මේ තරම්
ආදරේ කළ හිත ළඟින් වෙන්ව යනු බෑ ඔබ ඉතින්.......
දෑස ඉකිබිඳිනා වෙලේ මතක ලතැවෙයි හදවතේ
සිහිනයකවත් නෑ ඔයා එදා වගේ මට ළං වෙලා
මගෙන් ඈතට වෙන් වෙලා.......
ආදරේ මං.......
පෑව ආදර ඉඟිනෙතේ නපුරු වූවා මට ඔබේ
දුකක් නැති මගේ හිත වෙලා
මගේ ළඟ ඔබ නැති නිසා
මගෙන් ඈතට වෙන් වෙලා.......
ආදරේ මං.......