ආදරේ කියා ඇවිදින්aadharee kiyaa aewidhin

Adare Kiya Awidin

Lyrics

ආදරේ කියා ඇවිදින් 
අප වටේ දුවයි දඟයින් 
සුරතලේට පුංචි දෝණියා 
රත්තරන් දුවෙක් තමයි මෙමා 
ළඟ රැඳිලා රස කතා කියා 
අප වටේම දුව දුවා ගියා...

මව්පියන්ට ආදරේ වෙලා 
ඉන්න පුංචි පැංචි දුවනේ මා//
අම්මා තාත්තා දෙන්නා ගාව 
සුරතලේට ඉන්න 
කිව්වේ පණ වගේ තමයි කියා...

ආදරේ කියා ඇවිදින්...

අම්මා තාත්තා කියන දේ අසා 
හොඳ ළමයෙක් වෙලා ඉන්නවා//
හදලා වඩන මව්පියන්ට 
ඉගෙන ගන්න ගුරුවරුන්ට 
ගරු කරන්න මමත් දන්නවා...

ආදරේ කියා ඇවිදින්... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.