ආදරේ කියාaadharee kiyaa

Adare Kiya (As Katha Karanawa)

Lyrics

ඇස් කතා කරනවා
මිණි නිල් කවුළුපියන් හැරදා
දුක කියා හඬා සිත උමතු කළා

ආදරේ කියා... කියා...////

ඔබ සඳක් වගේ කළුවර රෑ එකලු කෙරූ
මගෙ පපුව පුරා ඔබ පිරෙන තුරා
දිවි තිබෙන තුරා මට ලැබෙන තුරා
මම හිඳිමි බලා
ආදරේ කියන තුරා 
ජීවිතේ තියෙන තුරා...

ඔබ මලක් වගේ නිම් නැති රෑ සුවඳ කෙරූ
ළය මත වැතිරූ රතු මල් කැකුළු
අපමණ සොඳුරු පෙම් පුද පඬුරූ
මුව සිප සැනසූ මුතු පිණි කඳුළු
සිසිලස රන්දා මම හිඳිමි බලා
ඔබ ලැබෙන තුරා
ආදරේ කියා...

ආදරේ කියා... කියා...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.