Lyrics
ආදරේ කරලා - ඇති කරලා
රන් කූඩුවෙ දමලා - ආහර කවලා
පෙමි බස් දොඩලා - රස කරලා
ගියානෙ මාල ගිරවි මා තනි කරලා
(සැනසුම් සුවය සොයන - සොම්නස සතුට ගෙනෙන
පෙම්බර ගිරවිය ගැන - මොනවද දැන් කියන්නෙ මං.......//)
කවල පොවල ඇති කෙරුවට
ගිරවි යනවා කිව්ව කලට
ආදර රන් ගිරවිය එහෙම වෙන්නෙ නැහැ කිසි විට
ආඩම්බර ගතියෙන් එදා එහෙම කිව්ව අයට
කොහොමද මුහුණ දෙන්නෙ - කිමද වුණේ ගිරවි නුඹට
ආදරේ කරලා.....
රෑන සමග පියඹා යන - කුඹුරෙ ගොහින් අහුලා කන
ගිරව් වාගෙ ගිරවි ආස නැද්ද ඇහැව්වාම
ආදර රන් ගිරවිය පැනල නොයන බව කීවම
කූඩුව ඇරල මම බලන් උන්නෙ ආදරේට
ආදරේ කරලා.....
රැඟුම් රඟල බස් තෙපලල ඈතින් ඈතට පියඹල
කැලේ ගසක සෙවන සොයල ලස්සන කූඩුවක් හදලා
ආදර රන් ගිරවෝ ඔබටයි ආදරෙ කියල
ගියානෙ මාල ගිරවි වෙන ගිරවෙකු සමඟ පැනල
ආදරේ කරලා.....