Lyrics
ආදරේ කල සිතින් විඳවන්න බැහැ තවත්
ඔබ නොවෙයි මේ හිතයි පෙම් කලේ රත්තරං
ඔබේ වෙන්න අවසර නැතත්
පෙම් කලා මම තව තවත්
මේ වේදනා ඉවසමි සිතින් සදා
ආදරේ කල සිතින් විඳවන්න බැහැ තවත්...
මුණ ගැහෙනා හැම දිනකම ඔයා
හමු නොවෙනා ලෙස වෙන්ව ගියා
වෙන කවුරුත් නෑ ඔයා තරම්
ඉතිරි කල මතකය පමණි තවත්
හද ගැහේ තවම ඔබ මගේ හුස්ම
ආදරෙයි මං තවත්...
පණ වගේ දුන්න සෙනෙහසේ නමට
ලෙංගතුයි මම තවත්...
තව නොයා මේ දුර අපි දෙන්නා
මං පතා ආවේ ඔබවම සිතා
පාලුව මැදින් ගෙවමි හැම දිනක්
ඔබ ඇවිත් හැදෙයි හිත වරම්...
හද ගැහේ තවම ඔබ මගේ හුස්ම
ආදරෙයි මං තවත්...
පණ වගේ දුන්න සෙනෙහසේ නමට
ලෙංගතුයි මම තවත්...
ආදරේ කල සිතින්.......