ආදරේ අරන් හීනයන් ගොඩක්aadharee aran hiinayan godak

Adare Aran Hinayan Godak

Music:
අමේෂ් මදුශංකameesh madhushanka
Lyrics:
අමේෂ් මදුශංකameesh madhushanka

Lyrics

ආදරේ අරන් හීනයන් ගොඩක් 
ආවා මගේ ළඟට ඔබේ රුව දුටුදා
නින්ද ඈතට අරන් හීන මල් යාය නම් 
ඈතට දුවන් ගියේ මගේ සැනසීම උදුරා
ආදරෙයි මං හදවතින් ජීවිතේ රැඳි සුසුමටත් වඩා......

කවදාවත් කාටවත් නෑ මා මේ තරමින් 
ආදරේ කළේ මාගේ මුළු හදින්
මා හදවතේ රැඳුණේ ඔබම පමණයි
මා නෙතේ ඇඳුණු රුව ඔබ තමයි
ඔබ දුටුව දිනේ මගේ ආදරියේ
මට ඕනේ වුණා ඔබේ ආදරේ.......

මල් හීන අතරේ ගෙත්තම් කළේ ඔය රූවමයි
ආදර මද්දහනේ සිතුවේ නෑ කවදාවත් 
ඔබ ලැබේවියි මාගේ ජීවි‍තයේ
ඔබ ළං වීලා මට දැන් ආදරයෙන් 
හිතාගන්න බෑ මට නම් අදහන්න බෑ තවමත්.......

ආදරේ අරන්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.