ආදරය අරන්aadharaya aran

Adare Aran

Music:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
Lyrics:
දයානන්ද රත්නායකdhayaanandha rathnaayaka

Lyrics

(ආදරය අරන් හිත යටට ඇවිත් 
මේ තරමට ඇයි හිත පෙලන රිදුම්.....//)
මිහිරියේ ඇයි නුඹ මෙතරම් හිත රිදවලා
මට දෙන දඩුවම්......

පෙරදාක ඔබේ හිත අරගත් තව හිතක් ළං වෙලා හෙමින්
පෑ ආදරේ ඔය හිතෙන් මිදී මගේ මුවැත්තියේ 
නැතුවාද තවම ඔය හිතෙන් මැකී......

ආදරය අරන්........

කළුවරේම ඒ මල් සුවඳ අරන්
මම විඳිමි සුවඳ සඟවා රහසින්
හඳපාන වාගේ මගේ හිතට එබී
මගේ මුවැත්තියේ 
සඟවන්න එපා මට රිදුම් දිදී.....

ආදරය අරන්........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.