ආදරේ අරන්aadharee aran

Adare Aran

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

ආදරේ අරන් ඔයත් මගෙන් වෙන් වෙලා ගිහින්
නාඳුනන ලෙසින් මඟ හැරී මගෙන්
ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

පාලු හීනයේ කෝඩුකාරී වෙලා
ආව මා හදේ දැවටිලා පෙරදා
හඬනා දෙනුවන් ඔබව සොයනවා
මම නෑ කිසිදා ඔබව හඬවලා

ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

සීත දෙකොපුලේ සිනසිලා සනසා
කීව පෙම් කතා සිහිවේ හැමදා
මතකේ රිදවා දෝරේ ගලනවා
ඔබ නෑ කියලා තාම හඬනවා

ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.