ආදරේaadharee

Adare

Lyrics:
කසුන් විදුkasun widhu

Lyrics

ජීවිතේ තියෙන තුරාවට තනිකමක් දැනෙන වෙලාවට
සෙව්වෙමි දිවිය පුරාවට ආදරේ ලැබෙන තුරාවට
ඔබේ රුව පෙනෙන තුරා මට ඔබේ නෙතු දකින තුරා මම 
ඔබේ හද ලැබෙන තුරාවට සිටියෙමි දිවය පුරාවට
(ඒ ආදරේ ගෙන දුන්නේ නුඹයි සදා
මුළු ජීවිතේ මම ඉඳිනෙමි ඔබම පතා.......//)

සිතට දුක් ගෙනවිත් දුන්නට නෙතට කඳුලක් ගෙන දුන්නට
ප්‍රේමියේ සමාව දෙනවද ආදරෙයි නුඹට සදා මම
ඔබ වෙතින් ඈත්ව සිටියට ඔබ නැතිව සිටිය හැකිද මට
මේ මහත් සසර පුරාවට ඔබ නුඹ සිටිමි සදා
(ඒ ආදරේ ගෙන දුන්නේ නුඹයි සදා
මුළු ජීවිතේ මම ඉඳිනෙමි ඔබම පතා.......//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.