ආදරයට හිත රිදෙනා තරමaadharayata hitha ridhenaa tharama

Adarayta Hitha Ridena Tharama

Lyrics

ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුඹේ සුවඳ ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම්
හීනෙන්වත් නුඹ එන්න එපා මට කඳුළු අරන්

ප්‍රේමය හිත ළඟ දැවටී රිදවන තරම
නුඹේ සුවඳ ළඟ නැතුවත් දැනෙනවා තවම
ඔය සෙනෙහස මට මතක් වෙලා හැඬුවත් දෙනෙත
කවදාවත් හිමි වෙන්නේ නෑ නුඹව

හීනය බොඳවී දෑසම කඳුළින් තෙමුණ
තවමත් තනිවී හිඳීවි නොලැබුන පෙමට
ජීවිතයේ හැමදාමත් හිමි නැතිවුණත් ඔබව
පෙම් කරනා හිත  තහනම් කරන්නේ කොහොම

ආදරයට හිත රිදෙනා ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.