Lyrics
(ආදරයෙන් මා හද වට එතෙන ලතා
ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා...//)
දිගින් දිගට නිල් වරලස මුදන්නියා
නෙතින් නෙතට ඔමරි බැලුම් හෙළන්නියා
රුවින් රුවට දිළි නෙත් සිත් බඳින්නියා
දුරින් දුරට මා සිත ගෙන මටත් හොරා ඇදෙන්නියා
ආදරයෙන් මා.....//
පාන්දරින් මල් පිපුණා බඔරු දනී
සීන් තුසර පිණි වැටුනා අහස දනී
සෙමින් විහඟ ගී නැඟුණා පවන දනී
නුඹට බැදුණු සිත හන්දා මා විඳි දුක කවුරු දනී
ආදරයෙන් මා.....//