ආදරයේ වේදනාවaadharayee weedhanaawa

Adaraye Wedanawa

Lyrics

ආදරයේ වේදනාව
හදට දැනුනු යම් මොහොතක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා...
එන්න මා සොයා...//

දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා...
රැගෙන පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා‍ සොයා...
එන්න මා‍ සොයා...

ආදරයේ වේදනාව...//

ජීවිතයට මිහිර ලතැවුල
ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා‍ සොයා...
එන්න මා‍ සොයා...

ආදරයේ වේදනාව...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.