ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්aadharayee unusum susum suwandadha metharam

Adaraye Unusum Susum Suwadada Metharam

Lyrics

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැළමුතු පෙම තුල නිසසල වී
ලොව නවතීවා සැනෙකින්
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්

දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
අනේ ලෙන්ගතුදැයි කෙතරම්
බිළිදෙකු සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින් 
සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයිද සිතේ

ආදරයේ උණුසුම් ....

සීතල දෙතොලින් සිසිලසකින් මුමුණනවිට 
අනේ හීනෙන්දැයි නෑගෙයි
හාදු මතින් නලලේ උණුසුම් තිළක තියා
පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි

ආදරයේ උණුසුම් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.