ආදරයේ උල්පත වූ අම්මා, මා ඔබගේ පුතු වූaadharayee ulpatha wuu ammaa, maa obagee puthu wuu

Adaraye Ulpath Wu Amma

Lyrics

ආදරයේ උල්පත වූ අම්මා, මා ඔබගේ පුතු වූ
 ‍ඔබ මතු බුදුවන දවසේ, මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී

සඳ දිය කොට කිරිවතුරෙන්, ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්, මතකයි මා නැලැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී, ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා, නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්, සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී, ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.