ආදරයට කඳුළු ගෙනත්aadharayata kandulu genath

Adarayata Kandulu Genath

Lyrics

ආදරයට කඳුළු ගෙනත් නුඹ ගියදා දුරස් වෙලා
කල්පයකට මැවූ පැතුම් මට මාවත් අහිමි කළා
පිටුපාලා රිදවාලා ඈතට ගියත් ඔයා
හිත හැඬුවා තනි වීලා කුළුඳුල් සෙනෙහෙ සොය‍ා

හීනයක් වගේ තාමත් අපි ළංවුණු ඒ කාලේ
හීන කොයි තරම් තිබුණත් නුඹේ නමට මේ පපුවේ
හීන ලොවේ මා තනිවී ගියත් සමු අරන් රහසේ
දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙර සේ

මගෙමයි කියා කිවු හැටි මතකයි මට ළං වෙලා
ආදරේ මගෙන් ඉල්ලා පපුවට ඔය මුහුණ තියා
සාගරේ තරම් හඬවා ගියත් සමු අරන් රහසේ
දෑස පියන් මා ඉන්නම් නුඹ එනතුරා පෙර සේ

ආදරයට කඳුළු ගෙනත්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.